සිංහල සිනමා අන්තර්ජාතික මාෆියාව
හරකා මූලික ජීවනොපාය කරගත් කුටුම්ඹයක් වටා ගෙතෙන මේ කතාව,හුන්නස්ගිරිය නම් කඳුකර ගම්මානයේ අවසන් තවලම් කරුවන් හා දිග හැරෙනව.
මේ පවුලේ දරුවන් දෙදෙනා සහ හරකා අතර ඇති ආදරය සෙනෙහස ගලා යන මේ කතාව ප්‍රේක්ශකයා නොසිතූ දිශාවකට ගෙන යන්න නුවන් ජයතිලකනම් මේ තරුණ සිනමාකරුවා තම කුලුඳුල් සිනමාපටය හරහාම සමත්වී තිබුන යයි කිවයුතුමයි.ඔහු කතා වින්‍යාසය තෝරාගෙන තිබෙන ආකාරය ඉතාම උසස් මට්ටමක පැවතිනි.මෙය අපේ රටේ ප්‍රේක්ශකයාට උචිත වන්නේ ත්‍රාස්‍යජනක ලමා සිනමාපටියක් ලෙසිනි. අපේ සිනමාවේ ලමා ත්‍රාස්‍යජනක සිනමාපට ඌනතාවත් සමග මෙය ප්‍රේක්ශයා වැලදගත්තද, සිනමා පටය තුල විශාල මුලාකිරීමකට සහ අවිශ්වාසනීය සිද්දීන් කිහිපයකටම ප්‍රේක්ශකයා අසුවෙනවා.
අධ්‍යකෂකවරයාද කැමරාකරුවාද තුල තිබූ මනා අවබෝදය සාර්ථක සුසංයෝගයක් ඇතිවී තිබුනි.ඉතාම ඉහල පොහොසත් කැමරා කෝණ සහ අර්තවත් හැගීම් දනවන රූප රාමු චිත්‍රපටයට මහත් ආලෝකයක් වී තිබුනි.නමුත් සිංහල ප්‍රේක්ශකයා මුලා කළ සමහර සාදනීය නොවන කාරණා මෙම චිත්‍රපටය පුරා පැතිරී තිබුනි.මෙහි ඇති බොහෝ වැරදි සිදුකර ඇත්තේ සිතා මතාමය.ඊට හේතුවනම් සිංහල ප්‍රේක්ශකයා මූලික නොකර අන්තර්ජාතික සිනමාව පමනක් නුවන් මූලික කරගැනීමය.මන්ඳ ඔවුන් ඒ සිනමාපට සඳහා සම්මාන ලබා දේන්නේ නිර්මාණ කුසලතාවට මිසක් මේවහී සත්‍ය භාවයක් නොසිතාය.නුවන් මෙය ෆැන්ටසියක්ම විදියට කරනවානම් කම් නැත.යතාර්තවාදී සිනමා පටයක් ලෙස ඔහු දිග හරින මේ සිනමා කෘතියතුලට ෆැන්ටසිය තැනින් තැන ඔබ්බවා එය යතාර්ත්වාදී පැත්තකින් අන්තර්ජාතික තලයට ගෙනයාම මෙරට ගැන වැරදි ආක්ල්පයන් අන් ජාතීන්ඟේ සිතේ ඇති කිරීමකි.
හරි කතාව දෙසට හැරුනොත් හරකාව දවසේ සියලු කාලයම ජීවිතය කරගත් අයිය මලෝ දෙදෙනෙකි. හරකාට හැම උපස්ථානයම මේ දරුවන් අතින් සිදුවේ.ඔවුන්ගේ මූලික ජීවොනොපායද හරකාය.හරකාගෙ ගෙලට ගෙජ්ජියක් බැඳීම දරුවන්ඟේ එකම හීනය විය.ගමට පැනිනෙනෙ හොරුන් හරකාව හොරකම් කරන අතර එය දකින අයිය මලෝගෙන් , මල්ලී පමනක් ලොරියක නැගී හරකා සොයා කොළඹට පැමිනේ.හරකා සොයා ගැනීමට කොළඹ මිතුරියකගෙන් සහය ලැබුනිද හරකා හමුවූවද නැද්ද යන්න සිතා ගැනීමට නොහැකි සිහිනියක් තබා චිත්‍රපටය නිමාවෙයි.
තවද ප්‍රවීන රංඟන මඩුල්ලක් නුවන් මෙයට තෝරගත්තද බොහෝවිට එම අය සැරසිල්ලක්ම පමනක්ම වූ අවස්තා චිත්‍රපටය තුල අප දුටුවෙමු.අයිරාංඟනී සේරසිංහයන්ගෙන් පවා කිසිඳු ඵල ප්‍රයෝජනයක් අප දුටුවේ නැත.දෙබස් රචනය,නළු, නිලි වාග් විලාශය, නැවත නැවත එකම දෙබස ප්‍රචාරනය වීම සිනමාපටයේ විශාල දුර්වල තාවකී. ටෙලිනාට්‍ය කලාව තුල සිටිණ නළුවන් යොදාගැනීම තුල ඉතාම පහල මට්ටමේ ටෙලිනාට්‍ය රංඟනයන් සිනමාපටයේ පැවතිනි. ලොරි ඩ්‍රයිවර් සහ ලොරි සහයක භූමිකා මැවූ සම්පත් සහ අන්ජන සුපුරුදු රංඟ විලාශය පමනක් පෙන්විය. එහි කිසිඳු අපූර්ත්වයක් නොතිබුනි.සිනමා නළුවකු වන සුජීව ප්‍රියාල්ලද එම සුපුරුදු රංඟනයේම යෙදුනා පමනී.
මවගේ ඉවරයක් නැති කෝපය නැති බැරිකම් අපට නැවත නැවත එකම කියා හැර පානක් වෙනවා.සුරංඟා කියන අති දක්ශ නිලිය කිසිදූ ග්‍රාමීය හඬ හුරුවක් නැති යම්තාක් ඉග්‍රීසි හුරුවක් ඇති අයෙකි .සහ අනික ඔහේ කියවාගෙන යන දෙබස් කිසිදූ පලක් නැති කියවීමක් පෙන්නුම් කරයි. සුරංඟා මේ සිනමා පටයේ මවගේ භූමිකාවේ අනාත වී කන්දොස් කිරියාවක් බවටම පත්විනි. තවද දරුවන් බැලූ බැල්මට ඉතා කීකරුයි.නමුත් ඔවුන් යක්ශ පැටව්,නිවසට කිසිදු උදව්වක් නෑ තවද හැදුවට වඩා මරුවනම් හොඳයි වැනි ඉතා දරුනු ප්‍රකශ මව විසින් ගෙන හැරපානව.නමුත් කිසිඳු නරකක් මේ දරුවන්ඟේ නුවන් සිනමාපටය ඇතුලේ පෙන්නා නැත.මවගේ චරිතය සිනමාපටයට කිසිසේත් ගැලපුනේ නැත.ඔවුන්ඟේ ආශාව සතාට තිබෙන අප්‍රමාන සෙනෙහස පෙන්වන අපූර්වම කොටසක් තමා තමන්ඟේ එදිනෙදා පාසල් ගමනට ලැබෙන සුලු මුදල සහ ආච්චි අම්මගෙන් ලැබෙන හෝ කඩේට ගොස ඉතිරිවන මුදල් පුංචි බෝතලයකට එකතුකර කැලේ ගසක් යට හැංඟීම.එය ඔවුවුන් කටචෝහොරුකා විනාස නොකරන්නෙ සතාට ගෙජ්ජියක් ගැනීමටයි.අම්මා කියන තරම් ඔවුන් නරක ඇක්ටර දරුවන් නොවන බව එයින් නැවතත් තහවුරු කරන්නේද නුවන්මය.සහ ගෙදරට බරක්ද ඔවුන් නොවන වග එයින්ම ප්න්නුම් කෙරෙයි.