Antupia Entertainment

සිංහල සිනමා අන්තර්ජාතික මාෆියාව

හරකා මූලික ජීවනොපාය කරගත් කුටුම්ඹයක් වටා ගෙතෙන මේ කතාව,හුන්නස්ගිරිය නම් කඳුකර ගම්මානයේ අවසන් තවලම් කරුවන් හා දිග හැරෙනව.

මේ  පවුලේ දරුවන් දෙදෙනා සහ හරකා අතර ඇති ආදරය සෙනෙහස  ගලා යන මේ කතාව ප්‍රේක්ශකයා නොසිතූ දිශාවකට ගෙන යන්න නුවන් ජයතිලකනම් මේ තරුණ සිනමාකරුවා තම කුලුඳුල් සිනමාපටය හරහාම සමත්වී තිබුන යයි කිවයුතුමයි.ඔහු කතා වින්‍යාසය තෝරාගෙන තිබෙන ආකාරය ඉතාම උසස් මට්ටමක පැවතිනි.මෙය අපේ රටේ ප්‍රේක්ශකයාට උචිත වන්නේ ත්‍රාස්‍යජනක ලමා සිනමාපටියක් ලෙසිනි. අපේ සිනමාවේ ලමා ත්‍රාස්‍යජනක සිනමාපට ඌනතාවත් සමග මෙය ප්‍රේක්ශයා වැලදගත්තද, සිනමා පටය තුල විශාල මුලාකිරීමකට සහ අවිශ්වාසනීය සිද්දීන් කිහිපයකටම ප්‍රේක්ශකයා අසුවෙනවා.

 

අධ්‍යකෂකවරයාද කැමරාකරුවාද තුල තිබූ මනා අවබෝදය සාර්ථක සුසංයෝගයක් ඇතිවී තිබුනි.ඉතාම ඉහල පොහොසත් කැමරා කෝණ සහ අර්තවත් හැගීම් දනවන රූප රාමු චිත්‍රපටයට මහත් ආලෝකයක් වී තිබුනි.නමුත් සිංහල ප්‍රේක්ශකයා මුලා කළ සමහර සාදනීය නොවන කාරණා මෙම චිත්‍රපටය පුරා පැතිරී තිබුනි.මෙහි ඇති බොහෝ වැරදි සිදුකර ඇත්තේ සිතා මතාමය.ඊට හේතුවනම් සිංහල ප්‍රේක්ශකයා මූලික නොකර අන්තර්ජාතික සිනමාව පමනක් නුවන් මූලික කරගැනීමය.මන්ඳ ඔවුන් ඒ සිනමාපට සඳහා සම්මාන ලබා දේන්නේ නිර්මාණ කුසලතාවට මිසක් මේවහී සත්‍ය භාවයක් නොසිතාය.නුවන් මෙය ෆැන්ටසියක්ම  විදියට කරනවානම් කම් නැත.යතාර්තවාදී සිනමා පටයක් ලෙස ඔහු දිග හරින මේ සිනමා කෘතියතුලට ෆැන්ටසිය තැනින් තැන ඔබ්බවා එය යතාර්ත්වාදී පැත්තකින් අන්තර්ජාතික තලයට ගෙනයාම මෙරට ගැන වැරදි ආක්ල්පයන් අන් ජාතීන්ඟේ සිතේ ඇති කිරීමකි.

හරි කතාව දෙසට හැරුනොත් හරකාව දවසේ සියලු  කාලයම ජීවිතය කරගත් අයිය මලෝ දෙදෙනෙකි. හරකාට හැම උපස්ථානයම මේ දරුවන් අතින් සිදුවේ.ඔවුන්ගේ මූලික ජීවොනොපායද හරකාය.හරකාගෙ ගෙලට ගෙජ්ජියක් බැඳීම දරුවන්ඟේ එකම හීනය විය.ගමට පැනිනෙනෙ හොරුන් හරකාව හොරකම් කරන අතර එය දකින අයිය මලෝගෙන් , මල්ලී පමනක් ලොරියක නැගී හරකා සොයා කොළඹට පැමිනේ.හරකා සොයා ගැනීමට කොළඹ මිතුරියකගෙන් සහය ලැබුනිද හරකා හමුවූවද නැද්ද යන්න සිතා ගැනීමට නොහැකි සිහිනියක් තබා චිත්‍රපටය නිමාවෙයි.

තවද ප්‍රවීන රංඟන මඩුල්ලක් නුවන් මෙයට තෝරගත්තද බොහෝවිට එම අය සැරසිල්ලක්ම පමනක්ම වූ අවස්තා චිත්‍රපටය  තුල අප දුටුවෙමු.අයිරාංඟනී සේරසිංහයන්ගෙන් පවා කිසිඳු ඵල ප්‍රයෝජනයක් අප දුටුවේ නැත.දෙබස් රචනය,නළු, නිලි වාග් විලාශය, නැවත නැවත එකම දෙබස ප්‍රචාරනය වීම සිනමාපටයේ විශාල දුර්වල තාවකී. ටෙලිනාට්‍ය  කලාව තුල සිටිණ      නළුවන් යොදාගැනීම තුල ඉතාම පහල මට්ටමේ ටෙලිනාට්‍ය රංඟනයන් සිනමාපටයේ පැවතිනි. ලොරි ඩ්‍රයිවර් සහ ලොරි සහයක භූමිකා මැවූ සම්පත් සහ අන්ජන සුපුරුදු රංඟ විලාශය පමනක් පෙන්විය. එහි කිසිඳු අපූර්ත්වයක් නොතිබුනි.සිනමා නළුවකු වන සුජීව ප්‍රියාල්ලද එම සුපුරුදු රංඟනයේම යෙදුනා පමනී.

මවගේ ඉවරයක් නැති කෝපය නැති බැරිකම් අපට නැවත නැවත එකම කියා හැර පානක් වෙනවා.සුරංඟා කියන අති දක්ශ නිලිය කිසිදූ ග්‍රාමීය හඬ හුරුවක් නැති  යම්තාක් ඉග්‍රීසි හුරුවක් ඇති අයෙකි .සහ අනික ඔහේ කියවාගෙන යන දෙබස් කිසිදූ පලක් නැති කියවීමක් පෙන්නුම් කරයි. සුරංඟා මේ සිනමා පටයේ මවගේ භූමිකාවේ අනාත වී කන්දොස් කිරියාවක් බවටම පත්විනි. තවද දරුවන් බැලූ බැල්මට ඉතා කීකරුයි.නමුත් ඔවුන් යක්ශ පැටව්,නිවසට කිසිදු උදව්වක් නෑ තවද හැදුවට වඩා  මරුවනම් හොඳයි වැනි ඉතා දරුනු ප්‍රකශ මව විසින් ගෙන හැරපානව.නමුත් කිසිඳු නරකක් මේ දරුවන්ඟේ නුවන් සිනමාපටය ඇතුලේ පෙන්නා නැත.මවගේ චරිතය සිනමාපටයට කිසිසේත් ගැලපුනේ නැත.ඔවුන්ඟේ ආශාව සතාට තිබෙන අප්‍රමාන සෙනෙහස පෙන්වන අපූර්වම කොටසක් තමා තමන්ඟේ එදිනෙදා පාසල් ගමනට ලැබෙන සුලු මුදල සහ ආච්චි අම්මගෙන් ලැබෙන හෝ කඩේට ගොස ඉතිරිවන මුදල් පුංචි බෝතලයකට එකතුකර කැලේ ගසක්  යට හැංඟීම.එය ඔවුවුන් කටචෝහොරුකා විනාස නොකරන්නෙ සතාට ගෙජ්ජියක් ගැනීමටයි.අම්මා කියන තරම් ඔවුන් නරක ඇක්ටර දරුවන් නොවන බව එයින් නැවතත් තහවුරු කරන්නේද නුවන්මය.සහ ගෙදරට බරක්ද ඔවුන් නොවන වග එයින්ම ප්න්නුම් කෙරෙයි.

ඇපල් ගෙඩිය ඇමරිකන් ගෙඩිය කියා විකුනන චමල් රනසිංඟගේ වෙලෙන්දා  රංඟනය ඉතාම අපූරුයි.රතු ඇපල් ගෙඩියක්.රතු පාටින් නිර්මාන කරුවා අනතුරක් කරදරයක් ඉදිරියට ඇතිබව හඟවන්න දමා ඇතිනම් එය හොඳ යොදා ගැනීමකි.

 

මේ ලොරිය එන්නෙ හරක් හොරකමේ.නිර්මානකරුවා ඉතා ප්‍රාතමික විහිලුවක් ගේනව .මේ ලොරිය නවතාගෙන මේ දෙන්න ගේ කුරුල්ලන් වගයක් පරිසරයට නිදහස් කරනව.තමන්ගේ අපල වෙනුවෙන් ප්‍රානයකට නිදහස දීම සහ නැවත තම බඩවියත වෙනුවෙන්  අසරණ සතෙක්ගෙ ප්‍රානය නිරුද්ද කරනනේද මේ අයමය. නිකන් මස් කඩේක බුදු සරණයි ලියනවා වගේ ඉතා දුරවල විහිලුවක් බව ප්‍රේක්ශකායට පෙනී යනවා.එහි අපූර්වත්වය නැත. හරකා වහනය කරගත් දෙවි කෙනෙක්ට පඩුරක් දැමීම හෝ වහනය පදවන විට පාර පනින ගොලු බෙල්ල යට නොකර ගොස් එය නවත්ගා ඔහුව පසකට කර අයින් කලානම් ඒ උපහාසය ඊට වඩා අපූර්අත්වයක් මේ සිනමා කෘතියට එක්කරන්න තිබුනා.සහ නුවන් අපට අවිශ්වාස සහගත තැනක් තවත් ඉතිරි කරනව කොළඹ වගේ දුරක ඉදන් මේ වගේ දුරකට එනවාද මිනිසුන් හරක් හොරක්මේ.ඉතින් අන්තර්ජාතික මාෆියාවට කරන  චිත්‍රපටය මේවා. ඒ මිනිසුන් මේවා නොතේරෙන කමින් සම්මාන ලබා දුන්නද අප රට ගැන ඉතිරිවන්නේ වැරදි අර්තකතනයකි.

 

කානතාවගේ ශරීරය ස්පර්ශ කිරීමට තිබෙන පහත් ගති ගුන ඝ්‍රාමීය සංස්කුරුතිය තුල ඉතිරි  අශිෂ්ඨ ගුනයන් ප්‍රේක්ශකායට නුවන් විදා පානව කපුවාගේ චරිතයෙන්.නමුත් නුවන් විටක ගම හොඳ නෑ කිය්නවාද කොළඹ හොඳෑ නෑ කියනවාද යන්න ප්‍රේක්ශකයා අතරම්න් කරනව.ඔහු ගමත් නගරයත් අද එකක් බව කියනවාද යන්න විටක සිතෙයි.

මල්ලී කොළඹට එන්නේ මේ සතා කොහේ ගෙනිච්චද කියා හරියට නොදෙනනැය ත්‍රාස්‍යජනක ලමා මනස කලම්ඹන දෙයක් නිසා අපට මග හැරුනද හුන්නස් ගිරිය ටවුමට ගෙනිච්චද කොළඹෑට ගෙනිච්චද යන්න දන්නෙ කොහොමද.එය නුවන් සනාත කරන්නේද නැත.මල්ලී සල්ලි බෝතලය ගෙන ලොරිය ලුහුබඳීන්නේ මුදල් දී හෝ සතා බේර ගැනීමටයි.අයියාට නැති නුවන මේ මල්ලී හරහා පෙන්නන්නේ කොළඹට ඒමටනම් මුදල් තිබිය යුතුයි.මල්ලී එන ලොරියක නැගී කොළඹ එන්නේ ඒ සල්ලී බෝතලය රැගෙනය. හොඳ අර්තවත් අර්තකථනයක් එමගින් රැගෙන එයි.එය නුවන්ඟේ නිර්මාන කුසලතාව පෙන්නුම් කරයි.

විශ්වාස බංඟත්වය ඊලඟට හොඳටම සිනමා කෘතිය තුල ඇතිවන්නේ   ලොරිය කොළඹ මැනිමාකට් එකට එන මාරගය පිලිබඳයි.කොළඹට එන මාර්ගය වැරදිය.රූපරාමු ගැන පමනක් හිතන මේ නිර්මානකරුවා දරුවා දකින වටපිටාව පටලාව දමා ඇත.වරක් කොලඹ ටවුන් හෝල් පෙන්නවනම් නැවතත් ඔහු පෙන්නෙ ගෝල් ෆෙස් එකය.  ඔහු කාගිල්ස් ගොඩනැගිල්ල පෙන්වා නැවතත් වෙනම දිශාවක රූපයක් චෙදනය කරයි. කොළඹ දවසක රූපගත කිරීම් කල නුවන් ඒ රූපරාමු හෙවිල්ලක් බැලිල්ලක නැතිව යෝදගන්නව.එය නිවැරදිව බැලූකල විශ්වාසය කඩවීමකි.තවත් උදාහරනනම් දරුවාගේ කොළඹෑට කිසිඳු ආගන්තුක ගතිගුනයක් නොපෙන්වීම. දරුවා මැනින් මාකට් එකේ කිසිදූ නුහුරු ගතියක් නැතිව දිවීම.කෙසේ හෝ මේ දිවිල්ල නවතින්නෙ ගෝල් ෆේස් එකෙනි.මෙය ලොකු මින්සෙක්ටවත් දුවල ඉවර කරගන බැරි දුරකි.මෙය සම්පූරනම විශාවසය කඩකිරීමකි.තමාට හමමුවන මිතුරියට සුද්දාගේ නම කී සැනින් තමාගේ ඛේදවාචකය මුලින්ම දන්නා බවක් එම මිතුරිය මගින් නිර්මාන කරුවා පෙන්වීම. මේ සියල්ල ගැන නුවන් නොසිතන්නේ අන්තර්ජාතික සිනමාකරුවන්ව රවට්ටනයි.

 

ලමා නළු,නිළි  කැල ගත්විට කොළ්ඹෑ මුඩුක්කු දැරියගේ චරිතයට නුවන්ඟේ හොඳ සොයා ගැනීමක් තිබුනි.ඒ  දැරියගේ ද්වීම,පැනීම සහ මුඩුක්කු ගති ලක්ශණ හොඳටම ස්මතුවන ආකරයට තිබේ.නමුත් දරුවාගෙද දෙබස් උච්චාරනය ,හඬ හුරුව ගැන නොසිතා එම දැරියටද අර මවට කල අපරාදයම නුවන් කර තිබෙනවා.කොලඹ  මදයම පාන්තික දැරිය්ගෙ වාග් විලාශයත් ඉතාම මුඩුක්කු කෙල්ලෙක්ට නැති ඉතාම කාරුනික කමක් දෙබස් වල් තවරා තිබෙන්නේ කිසිසෙත් නොගැලපෙන ලෙස්ය.එක්තරා වෙලාවක මේ කුඩා දරුවට දැරිය තරුවක් කඩා වැටෙන විට විශ් එකක් කරන්න කීම තුලම නුවන් දැරියගේ මුඩුක්කු බූමිකාව දියාරු කලේය.කොල්ඹදී හමුවන අනිත් සියලුම දරුවන් දමිල සිනමාවේ මැරවරු වගේ පෙනෙනෙ අතර වැඩිහිටි චරිත වලට පනපොවන හයර් එකට ගත්ත පොඩි දැරුවන් පමනී.එම දරුවන්ඳ එකම දෙබස නැවත නැවත කිය

මින් කාලය කා දමයි.

කෙසේ හෝ ඔහු රටක නීතිය නුවන් විශ්ලේශනය කරන සිද්ධියක් චිත්‍රපයට ගෙන තිබුනේය. පොලීසියේ ඉහල නිලධාරියා මේ දරුවන් දෙදෙනා සමග ඉන්න නාට්ටාමි හුරුපුරුදුයි කියන අතර රූපවාහිනී වල මේ අතුරුදහන් වූ දරුවා ගැන සොයද්දී නීතියේ අදිපත්‍ය තුලින් ඒ කරුන අතහැරී කිසිදු ඵලක්නැති දේ  සොයන නීතිය උපහාසයට ලක්කර තිබිනි.එය හොද සමාජ දැක්මක් බවද කිව යුතුය.ඒ වගේම මව හරකා නැතිවී අන්ජනමක් අසන විට කපුවා ඇසූ ප්‍රශ්නයකට තම දරුවා වගේ හදාගත්ත සතා කියන මව තම දරුවන්ට බනින හැටි සිහිගන්වනනේද මෙවැනි අපූර්වතම උපහාසයකි.මේ අවස්තා දෙකම නුවන්ඟේ සමාජ පරිචයෙන් නිර්මාන්යට දාය්ක වුනු පරිපූර්න තැන්වේ.

 

හරකා සොයා ගැනීමට දරුවන්  මුදල් සොයාගන්නේ පිටකොටුවේ වෙලෙන්ඳන්ගෙන්ය.ඒ හරෙකු බේර ගැනීමට ම් දැරිය කල ප්‍රචර්නය හරහාය.රැගෙන ආ කාසි බොතලයත් සොරකම් කල මේ කොළඹ එසේ මුදල් එකතු කල හැකිද යන්න ප්‍රේක්ශකායට අවිශ්වාසය නැවත තහවරු කරන්නෙකි. මෙය ෆැන්ටසි චිතරපටයක්නම් එය ගැටලුවන් නොවෙන්නද තිබිනි.නමුත් මුදල් එකතුවන ආකාරය තුල කිසිම තාත්වික ගති ලක්ශ්නයක් නොපෙන්වීම නුවන් සිනමා පටයට අතාත්වික සිද්දිමාලවක් එකතුකර්න්නේය.

කෙසේවෙත්ත් චිතරය නුවන් සිහිනමය ජවනිකාවක ප්‍රේක්ශක්යාව අතරමන් කර අත පිහිදගන්නේ ක් චිත්‍රපටය හමාරකමිනි.

 

චිතරපටයේ උද්වේගකරම අව්ස්තාවටම රැගෙනවිත්  චිත්‍රපටය ඔහේ නවතා දැමීම නිර්මනකරුවෙකුගේ ගැටලුවක් ලෙස කියා පැමට හැක. මේව අන්තර් ජාතික මට්ටමින් ඉහල සම්මන රැගෙන ආවද කිසිඳු අවස්සනයක් නැති මුලාවක් පමනක් ඇති සිනමාපටය. සිනමාකරුවා ප්‍රේක්ශක රසවින්දනයට වග නොකියයි.අර්තයක් ඔහේ සිතා ගැනීමට සිනමාපටය අතහරී. නමුත් අන්තර්ජාතික චිත්‍රපට උලේලවල් මූලික කරගෙන් තැනෙන මෙවැනි චිත්‍රපට අන්තර්ජාතික මාෆියාවක් ලෙස දැකිය හැක. මුදුන් මුල් නැති චිත්‍රපටද වේ.

මේවට උදාහරන ලෙස දැවෙන විහඟුන් සහ HOUS OF MY FATHER දැක්විය හැක.

 

 

චිත්‍රාල් සොමපාලගේ අතිවිශිෂ්ඨ සංගීතය නුවන් යොදාගැනීම ඉතාමත් හොඳ තෝරාගැනීමකි.ගතානුගතික සංගීත අධ‍යක්ෂකවරුන්ඟෙන් මිදී විකල්ප දහාරාවේ උසස් තෝරාගැනීමකි.එය මනාසේ නිර්මානයට දායකවී ඇත. අමුතු අපූර්වත්වයක් සහ සුන්ඳරතාවයක් චිත්‍රපටය තුල දැකීමට හැක.ඒ වගේම ඇන්ඩ්‍රසම් ගේ සහ නුවන්ඟේ සුසංයෝගයෙන් සිදුවුනු රූපගතකරනය චිත්‍රපටයේ පිට කොන්ද කිව යුතුය.

නමුත් මෙහි දෙබස් රචනය තව දුරටත් සිනමා පටයට නැගීමට පෙර සංස්කරනය වී තිබුනානම් සහ රංඟ විලාශයන් තාත්වික ලෙස නළු ,නිළියන්ඟෙන් ලබාගෙන තිබුනානම්  නුවන් පලමු සිනමා කෘතියෙන්ම හොඳ අධයක්ශකවරයෙකු යන්න සිනමා වංශකතාවේ නමක් සනිටුවහාන් කරන්න තිබිනි.සිනමාපටය තුල ස්වාභාවික ආලෝකය යොදාගැනීමද මනාලෙස යොදාගෙන තිබිනි.එය දක්ශ නිර්මානකරුවෙකුට පමනක් කල හැක්කකි.කෙසේ හෝ කුමන වරදක් තිබුනද මේ අධ‍යක්ෂකවරයා මතු බලාපොරොත්තු තබාගත හැකි නිර්මාන කරුවෙකි.ඒ නිසම තමා අපි මේය ගැන විචාරයක යෙදෙන්න් උනෙ.දරුවන්ඟේ මනෝලෝකය කලම්ඹන මේ සිනමා පටය නැවත්ත් ගතානුගතික ලමා චිත්‍රපට කලාව මදක් කැලඹුමකටද ලක්කලේය.නැවත්ත් මඩොල්දුව නැමති සිනමා පටයේ ත්‍රාස්‍යනක හුරුව මෙහිද ගැබ්වී තිබුනි.  සරලව කිවහොත් සිංහල සිනමා ප්‍රේක්ශකයා මූලික නොකරගෙන අන්තර්ජාතික සිනමා උලෙලවන් පාදක කරගෙන මේ කල සිංහල සිනමා ප්‍රේක්ශකයාද රස්වින්ඳේ නැතයි කිවහොත් එය බොරුවකි.මෙය හොදින් සිංහල ප්‍රෙක්ශකායාද රසවින්ඳේය.අවිශ්වාසනීය කරුනු අතහැර ගත්කල මෙහි පොහොසත් සිනමා ගති ලක්ශනද පෙන්නුම් කලේය.නුවන් ජයතිලක කියන්නෙ ඒ අතින් හොද නිරමාන කරුව්බෙක් කියා කීමට හැර්ක.

Add Comment